මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යුවලක් අත්අඩංගුවට


බණ්ඩාරගම, වැල්මිල්ල ප්‍ර දේශයේ සංවිධානාත්ම අපරාධ නිවාරණ කොට්ඨාසය සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි යුවළක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

යතුරුපැදියකින් ගමන් කළ මෙම යුවළ සන්තකයේ තිබී අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 1 ග්‍රෑම් 750ක් හා හෙරොයින් ග්‍රෑම් 11ක් සොයාගෙන තිබේ.

මීට අමතරව එම ප්‍රදේශයේම කළ තවත් මෙහෙයුමකදී ගංජා ග්‍රෑම් 500ක් සන්තකයේ තබාගත් කාන්තාවක්ද සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles